හිටිහැටියේම තෙල් මිල ඉහළට - රු. 1700 පමණ ගණන් නැග්ග තෙල් මිල

Report

අද උදෑසන ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කල කතාවෙන් පසු ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් නුදුරේදීම පහව යනු ඇතැයි යන බලාපොරොත්තුව ගිලිහී යාම ඊට හේතුවී ඇත.

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර අමෙරිකානු ඩොලර් 100ක මට්ටමේ පැවතුණි. කතාව අතරතුර මිල උච්චාවචනය වූ අතර, අවසානයේදී එය 4% කින් පමණ ඉහළ ගොස් මේ වන විට බැරලයක් ඩොලර් 105.38ක් දක්වා ඉහළ ගොස් ඇත.

එනම් ජාතිය ඇමතීමට පෙර ශ්‍රී ලංකා මුදලින් රු. 31533 පමණ තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලය රු.1700කින් පමණ ඉහළ ගොස් නව මිල රු. 33229 පමණ වාර්තා විය.

ලෝකයේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම පටු නාවික මාර්ගය හරහා බැවින් එය ගෝලීය ආර්ථිකයට ඉතා තීරණාත්මක වේ.

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම නාවික මාර්ගය භාවිතා කරන නැව්වලට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමත් සමඟ එය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැත.

පාලන තන්ත්‍රය වෙනස් කිරීම හෝ ඉරානයේ යටිතල පහසුකම් විනාශ කිරීම පිළිබඳව ට්‍රම්ප් සිදුකළ දැඩි ප්‍රකාශ, සැපයුම් දාමයට තවදුරටත් තර්ජනයක් වනු ඇතැයි ආයෝජකයින් බිය වීම හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි