හුංගම ද්විත්ව ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි - කාන්තා මැරිලා තියෙන්නේ වැරදීමෙන්

Report

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) උදෑසන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරු “අදුපැලෑන බිංදු” යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අතර ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවට ද අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට සිද්ධියට අදාළ නිවෙස් හිමි කාන්තාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ එම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනා මතයි.

හිස කදින් වෙන්කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අදුපැලෑන බිංදු අත්අඩංගුවට

හිස කදින් වෙන්කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අදුපැලෑන බිංදු අත්අඩංගුවට

පැවසුවේ, දුරකථන විශ්ලේෂණ සහ විමර්ශනවලින් පසුව එම කාන්තාව හා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු වන කඩවත ආරච්චිගේ සමන් කුමාර නොහොත් 'අඳුපැලෑනේ බිංදු' නැමැත්තා අතර ද සමීප සබඳතාවක් පැවතීම හේතුවෙන් ඊට ඇය ආධාර අනුබල දී ඇතැයි සැකකරන බවය.

මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ද මත්ද්‍රව්‍ය ජාවාරමට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අයෙකි. මේ අතර ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ තවත් තොරතුරු රැසක් හෙළිකර තිබේ. සැකකරු පවසා ඇත්තේ, තමන්ට සිය මිතුරා සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාව ඝාතනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොවූ බවය.

තමා සිය මිතුරාට වෙඩිතැබූ බවත් එහිදී ඔහු, එම කාන්තාව පසුපස සැඟවීම නිසා ඇයට වෙඩි වැදුණු බවත් සැකකරු පවසා තිබේ. සිය මිතුරා ඝාතනය කළේ, තම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු පිළිබඳව ඔහු දැනුම්වත්ව සිටීම නිසා බවද සැකකරු පැවසූ බව වාර්තා වේ.

තාජුඩීන්ව ඝාතනය වෙද්දි කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ ඉඳලා - හැංගුන තවත් රහස් එළියට

තාජුඩීන්ව ඝාතනය වෙද්දි කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ ඉඳලා - හැංගුන තවත් රහස් එළියට

මේ අතර අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිරිස අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කෙරුණි. ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන තංගල්ල අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී අරුණ ලාල් මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය. 

තවත් ප්‍රවීණ ගායිකාවක් දිවි මඩලට සමුදෙයි.

තවත් ප්‍රවීණ ගායිකාවක් දිවි මඩලට සමුදෙයි.