ලොවම බලා සිටි ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෙවත් ICC ය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර ඇත.
ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119කි.
එමෙන්ම දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 104ක් ලබාගෙනයි. කෙසේ වෙතත් මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු 104 ලබාගෙන ඉදිරියට පැමිණ ඇත.
ඒ තෙවන ස්ථානය දක්වායි. ඒ අනුව තෙවන ස්ථානයේ පසුවූ එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 102ක් ලබාගනිමින් සිව්වන ස්ථානය දක්වා පසුබැස ඇත.
එමෙන්ම නවසීලන්තය සහ පාකිස්තානය පස්වන සහ හයවන ස්ථානවල පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86ක් සමඟින් 07 වන ස්ථානයේ රැඳී සිටියි.
ඊට අමතරව 08, 09, 10, 11 සහ 12 වන ස්ථානවල බංග්ලාදේශ, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් පසුවේ.