ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්
නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව ඇත.
ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 273ක් වේ.
එහිදී කේට් ඇන්ඩර්සන් ලකුණු 84ක් සහ බෙලා අම්ස්ට්‍රෝං ලකුණු 59ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.
එසේම පන්දුයැවීමේදී තාරුකා ශෙහාන් කඩුලු 04ක් බිඳ හෙළීමට සමත් විය.
මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.