රත්නපුරේ අධි අවදානම් නායයෑමක් - පවුල් 12ක් හදිසියේම ආරක්ෂිත තැන්වලට
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලැල්ල ග්‍රාම නිලධාරි වසමේ උදාකලගම ප්‍රදේශයේ නායයෑමක් නැවත සක්‍රීය වී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 12ක් ආරක්ෂිතව ඉවත් කිරීමට රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
අදාළ නායයෑම 2025 වර්ෂයේදී මුල්වරට හඳුනාගෙන ඇති අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූවිද්‍යාඥයින් විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් පසු එම ස්ථානය අධි අවදානම් නායයෑම් කලාපයක් ලෙස නම් කර තිබේ.
ඊයේ (22) උදෑසන 6.30ට පමණ නායයෑම නැවත සක්‍රීය වීමත් සමඟ, යාබද ප්‍රදේශවල පදිංචි පවුල් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව බලධාරීහු පවසති.