දිස්ත්‍රික්ක 6කට නායයාමේ මහා අනතුරු ඇඟවීම් - ප්‍රදේශ කිහිපයකට වහාම ඉවත් වෙන්නැයි රතු නිවේදන
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6ක් ආවරණය වන පරිදි නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, අයගම සහ රත්නපුර ප්‍රදේශවලටත් ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රදේශවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, ඉංගිරිය සහ පාලින්දනුවර ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දිවුලපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
අදාළ ප්‍රදේශවල ජනතාව විශේෂයෙන් අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.