වෙසක් පොහොයට දන්සල් දීම තහනම් - ගාල්ල නාගොඩින් ආන්දෝලනාත්මක තීරණයක්

Report

වෙසක් පොහෝ දිනයන්හි දන්සල් පැවැත්වීම හේතුවෙන් ජනතාව විහාරස්ථාන වෙත පැමිණීම අඩුවන බව පවසමින්, වෙසක්, පොසොන් සහ ඇසළ යන පුර පසළොස්වක පොහෝ දිනයන්හි දන්සල් පැවැත්වීම සීමා කිරීමට ගාල්ල නාගොඩ ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇති බව පුවත්පතක් වාර්තා කෙරේ.

සත්සිත් මිතුරු සංසදය පවසන ආකාරයට, මෙම තීරණය ගෙන ඇත්තේ සරණ බිම්බාරාමාධිපති, ගාලු දිසාවේ අධිකරණ ප්‍රධාන සංඝනායක මෙන්ම නාගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය යටලමත්තේ පාලිත ස්වාමීන්වහන්සේ විසින් කළ ඉල්ලීමකට අනුවය.

ඒ අනුව ඉකුත් 13 වැනිදා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වූ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින්, එම පොහෝ දිනයන්හිදී දන්සල් නොපැවැත්විය යුතු බවට තීරණය කර ඇති බවද සඳහන් වේ. කිසියම් පාර්ශවයක් දන්සල් පවත්වන්නේ නම්, ඒවා අදාළ පොහෝ දිනයට පෙර දින හෝ පසු දින පමණක් පැවැත්විය යුතු බවද එහිදී තීරණය කර ඇති බව වාර්තා වේ.

එම තීරණය සම්බන්ධයෙන් සත්සිත් මිතුරු සංසදය පෙන්වා දෙන්නේ, වසර 10කට වැඩි කාලයක් ජනප්‍රියව පැවැති යටලමත්ත වෙසක් මහා දන්සල මෙවර 11 වැනි වරට පැවැත්වීමට සූදානම් කර තිබූ අවස්ථාවක මෙම සීමා කිරීම අසාධාරණ බවය. එමෙන්ම, එම දන්සල සඳහා කිසිදු බාහිර ආධාර හෝ මහජන මුදල් එකතු කිරීමක් සිදු කර නොමැති බවද එම සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය