දිස්ත්‍රික්ක 8කට රතු අනතුරු ඇගවීම් නිකුත්වේ - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන්

Report

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල අද දිනයේදී ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි, එම පළාත්වල ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැක.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

මෙම කාලය තුළ දිස්ත්‍රික්ක 08 කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 07 කට ඇම්බර් (සූදානමින් සිටින්න)අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දිස්ත්‍රික්ක 8කට රතු අනතුරු ඇගවීම් නිකුත්වේ - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන් | Heavy Lightning Warning Western South