අපේ දක්ෂතා නිසා රටේ ජනතාව සතුටු වෙනවා ඒ නිසා 2029 දීත් අවුරුදු පහකට බලය දෙනවා - හර්ෂණ
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාතාලය සහ කුඩු අල්ලන විට මැදමුලන කලබල වන බවත් ඊට හේතු ඇති බවත් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ අද පාතාලය ඇල්ලුව ද ඔවුන් ආයුධ පෙන්වීමට ගොස් මරා නොදමන නිසා ඔවුන් පිටුපස සිටින දේශපාලන හස්තයන් අනාවරණය වී තිබෙන බවයි.
එසේම ගෙවුණු වසර තුළ වසර පනහක වැඩ තමන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එම දක්ෂතාව නිසා සතුටට පත්ව සිටින ජනතාව 2029 වසරේ දී තමන්ට තවත් අවුරුදු පහකට බලය ලබා දෙන බවත් හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
එසේ වුවත් විපක්ෂයේ සිටින්නේ පොල් මල පොළොවේ ගැසුවා සේ විසිරි ගිය මෙලෝ හසරක් නැති පිස්සන් පිරිසක් බවත් ඔවුන් රට වැටෙන තුරු බලා සිටින කුහක නින්දිතයයන් බවත් ඇමතිවරයා පවසා සිටියි.
ඔහු මෙම අදහස් දක්වා සිටියේ පාර්ලිමේන්තුව අමතමින්.