මාලිමාවට ඡන්ද දුන්න ජනතාව විවිධ කාරණා මත ඈත්වෙනවා නැත්තේ නෑ - ආණ්ඩුවම පිළිගනී

Report

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් මලිමාවට ඡන්දය දුන් ජනතාව විවිධ කරුණු මත ඈත් වෙමින් සිටින බව ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.

එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රජය පිළිබඳව ඇති අනවබෝධයන් තුළ ජනතා ආකර්ශනය යම් දුරකට අඩුවෙමින් ඇති බවයි.

එහෙත් එසේ මාලිමාවට ඡන්දය දුන් පිරිස් ඈත් වුවත් මාලිමාවට ඡන්දය නොදුන් පිරිස මේ වන විට රජයේ වැඩපිළිවෙල පිළිබඳ පැහැදීමකට පත්ව ඇති බවද නාමල් කරුණාරත්න මහතා පවසා තිබෙනවා.

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

'' සමහර අය ගත්තොත් එහෙම පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කර ගන්න සමහර අය එක්ක ගැටගැහිච්ච අය ඉන්නවා. එතකොට ඒ අභිමතාර්ථ මුදුන්පත් කර ගන්න බැරි වෙනවයි කියලා දැනෙන කොට පොදු අභිමතාර්ථ එක්ක මේක යන්නේ කියලා දැනෙන කොට ඒ අය ඈත් වෙන්න පුළුවන් නැත්තෙ නෑ. හැබැයි අපි ගැන සැකෙන් හිටපු අය දැන් ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඒකත් එක්ක කළින් මාලිමාවට ඡන්දේ නොදුන්න ජනතාව ඒ මාලිමවේ ආණ්ඩුවත් එක්ක ගැටගැහෙනවා. කළින් ඡන්දේ දුන්න අය විවිධ කාරණා මත ඉවත් වෙනවා. කොටසක් ඉවත් වෙනව කොටසක් එකතු වෙනවා.''

ඇමති වසන්තට ෆේස්බුක් එකෙන් අපහාස කරපු අයට CID පරීක්ෂණ - ලිස්ට් එක මෙන්න

ඇමති වසන්තට ෆේස්බුක් එකෙන් අපහාස කරපු අයට CID පරීක්ෂණ - ලිස්ට් එක මෙන්න

ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට යන අද දවසේ මේ ලග්නවලට හැම පැත්තෙන්ම සුබ දේවල් ගලන් එයි

ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට යන අද දවසේ මේ ලග්නවලට හැම පැත්තෙන්ම සුබ දේවල් ගලන් එයි