ග්‍රාම නිලධාරීන්ගේ නිහඬ විරෝධය තාවකාලිකව නවතී - ඉදිරි සතියේ විසඳුවේ නැත්තම් මාර්තු 16 කරන්නේ මේකයි
2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන්, මාර්තු 03 වන දින රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත.
ඒ 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු), අතිරේක ලේකම් (ග්‍රාම නිලධාරි පාලන), ආයතන අධ්‍යක්ෂ හා අමාත්‍යංශ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවෙන් පසුවයි.
මෙම එකමුතුවේ මාධ්‍ය ලේකම් කුමුදු වඩුමුල්ල මහතා ප්‍රකාශ කළේ 2009/2010 ග්‍රාම නිලධාරින්ගේ ශ්‍රේණි ගැටලුව සඳහා විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය ඇතුළත නිශ්චිත විසඳුමක් ලිඛිතව ලබාදෙන බවට අමාත්‍යංශ ලේකම්වරයා අදාළ සාකච්ඡාවේදී දැනුවත් කළ බවයි.
එමෙන්ම මෙම එකඟතාව නිසා මාර්තු 3 දින පැවැත්වීමට නියමිත නිහඬ විරෝධතාව තාවකාලිකව අවලංගු කරන බවත් දැනුම්දී ඇත.
එසේම ඉදිරි සතිය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් මාර්තු 16 දින මෙම නිහඬ විරෝධතාවය වෙනුවට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සමඟින් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ඔහු සඳහන් කළා.