ආණ්ඩුව ඇඳිරි නීතිය පැනෙවුවත් රැළිය තහනම් කළත් 21 අනිවාරෙන් රැස්වීම තියනවා - ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මහ වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව ඇඳිරි නීතිය පැනෙවුවත් 21 වැනිදා සවස නුගේගොඩ මෙම රැස්වීම පවත්වන බව ප්‍රකාශ කරයි.
එසේම ත්‍රිකුණාමලයේ බුදු පිළිමයේ සිදුවීම 21 වැනිදා රැළිය සාර්ථක කර ගැනීමට තම කණ්ඩායම කළ උපක්‍රමයක් බවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් ගණනාවක්ම පවසන බවද ඔහු පැවසුවා.
ඒ අද (19) දින පැවති මාධ්‍ය හමුවකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
''ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් ගණනාවක්ම කියන දෙයක් තමයි ත්‍රිකුණාමලයේ බුදු පිළිමේ සිද්ධිය 21 වැනිදා රැළිය සාර්ථක කර ගැනීම සඳහා අපි කරපු උපක්‍රමයක් කියලා. එස් එස් පී මහත්තයාට හාමුදුරුවන් සමග සාකච්ඡාවකට ගිහිල්ලා චණ්ඩි දාන්න කිව්වේ අපිද? වැට කපලා හාමුදුරුවන්ට පහර දීලා, බුදු පිළිමේ පැහැරගෙන එන්න පොලිසියට උපදෙස් දුන්නේ අපිද? දෙහිවල මහ නගර සභාවේ බුදු පිළිමය එතනින් ඉවත් කරන්නෙයි කියලා උපදෙස් අපිද? ප්‍රාදේශීය සභාවල පන්සිල් ගැනීම තහනම් කළේ අපිද? මෙහෙණින් වහන්සේට කුණුහරුපෙන් බැන්න අගෝස්තීනු අපේ පක්ෂවල කෙනෙක්ද? පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියලා කියූ බිමල් රත්නායක මැතිතුමා අපේ කෙනෙක්ද? බෝ ගස කියන්නේ කිසිම වැඩකට නැති ගහක් යැයි කිව්ව නලින් හේවගේ මැතිතුමා අපේ කෙනෙක්ද? දේවදත්තගේ උපදෙස් මත කටයුතු කළ අජාසත්ත රජතුමාවත් බුදුන් වහන්සේ අත්අඩංගුවට ගන්න උත්සාහ කළේ නෑ. ජනතාවට දැනුම් දෙනවා මහ වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව ඇඳිරි නීතිය පැනෙවුවත්, ආණ්ඩුව මේ රැළිය තහනම් කළත් 21 වැනිදා සවස නුගේගොඩ මේ රැස්වීම පවත්වනවා පවත්වනවාමයි. අද ජාතික ජන බලවේගය ජාතික කුඩු බලවේගය බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉවත් වෙනු කියන්න අවශ්‍ය නම් මහජනතාවට අර රැළි පවත්වනවා වෙනුවට ආණ්ඩුව කළ යුතු වන්නේ ජාතික ජන බලවේගයේ මහා සමුළුවක් පවත්වලා තමන්ගේ පාක්ෂික ඉවත්වුණු කියලා දැනුම් දුන්නා නම් මේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරගන්න හැකියාව තිබෙනවා.'' යනුවෙන්.