ශ්‍රී මහා බෝධිය භාර කපුවගේ නිවසින් දඩ මස් තොගයක් කපුවා හඬා වැළපෙයි - සල්ලි මිටි ගණන් මාට්ටු
අද දිනයේ (19) සිදුකළ වැටලීමකදී ශ්‍රී මහා බෝධිය භාරව කටයුතු කරන කපු මහතාගේ නිවසේ තිබී වෙළඳාමට තහනම් මස් මාංශ වර්ග රැසක් සමග තවත් ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබුණු පෙත්සමක් මාර්ගයෙන් ඔවුන් මෙම නිවසට ගොස් සෝදිසි මෙහෙයුමක් සිදු කෙරූ අතර එහිදී බැරලයක දමා සිටි ඉබ්බන් රැසක් සොයාගැනීමට ද හැකියාව ලැබුණි.
ඒ අවස්ථාවේදී කපු මහතා සඳහන් කළේ ඔවුන් වැවකට මුදා හැරීම සඳහා එලෙස තිබූ බවයි.
එමෙන්ම ඔහුගේ නිවස පරීක්ෂා කරන විට ඔහුගේ ශීතකරණයේ තිබී ගෝන මස්,මුව මස්,ඉත්තෑ මස් ඇතුළු වෙළඳාම් කිරීමට තහනම් යැයි සැලකෙන මස් මාංශ වර්ග රැසක් සොයා ගෙන ඇත.
මීට අමතර සේප්පුවක දමා තිබූ ලක්ෂ පනහකට අධික මුදලක් ඇත් දල ආදියෙන් සෑදූ ආභරණ ඇතුළු තොගයක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ.
තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද
එමෙන්ම කපු මහතා සඳහන් කරන ආකාරයට ඔහු මෙම මස් මාංශ මිලදී ගැන තිබෙන්නේ මුදලටය.ඔහු කිසි විටෙකත් සතුන් දඩයම් නොකරන පුද්ගලයෙක් ලෙසත් සඳහන් කරයි.
ඒ අවස්ථාවේදී නිලධාරීන් ළඟ හඬා වැළපෙමින් ඔහු සඳහන් කළේ, "බුදු මහත්තයෝ මං සතුන් මරන්නේ නෑ" කියලයි. දරුවන්ට කෑමට අවශ්‍ය නිසා ඔහු මේ ආකාරයෙන් මෙම මස් ගබඩා කර තැබූ බවට සඳහන් කර ඇත. කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.