අලුත් නීතියක් - මීට පස්සේ ග්‍රාම නිලධාරී සහතිකය විතරක් තිබිලා මදි
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කිරීමේදී සඳහන් කළේ, පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා අයදුම්කරුගෙන් ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව ග්‍රාම නිලධාරී වසමේ මහජන ආරක්ෂක කමිටු (ග්‍රාම නගරීය සමාජ ආරක්ෂණ කමිටු) සභාපති විසින් නිකුත් කරන චරිත සහතිකයක් අනිවාර්ය බව සදහන් වන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
පොලිසිය වැඩිදුරටත් පැවසූයේ, මෙම වර්ගයේ අසත්‍ය පුවත් මහජනතාව නොමග යවන සුළු බවත්, එවැනි පුවත් ප්‍රචාරය කිරීම පිළිබඳව අනිවාර්ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
පොලිස් වාර්තා ලබාගැනීමට ඇති නිවැරදි ක්‍රමවේදය
1. දේශීය රැකියා සහ මැද පෙරදිග රැකියා සඳහා අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබාගැනීම
අදාළ පුද්ගලයා විසින් පහත ලේඛණ තම පදිංචි පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ යුතුය:
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරී සහතිකය
- ජාතික හැඳුනුම්පත
මෙම ලේඛණ ලබාගෙන පසු, පොලිස් ස්ථානය:
- සම්පූර්ණ විමර්ශන කටයුතු සිදු කරයි
- කඩිනමින් වාර්තාව නිකුත් කරයි
මෙම ක්‍රියාවලියේදී මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයා අදාළ නොවේ.
2. මැද පෙරදිග නොවන රටවල් සඳහා රැකියා, අධ්‍යාපන හෝ පදිංචිය සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන වාර්තාව (Police Clearance Certificate)
- මෙය මාර්ගගත ලෙස ලබාගත හැක:
- පොලිස් වෙබ් අඩවියේදී අයදුම්පත පුරවා ඉදිරිපත් කිරීම
- අදාළ ලේඛණවල පිටපත් ඔන්ලයින් උඩුගත (upload) කිරීම
- පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කිරීම
- පසුව පොලිස් නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීම