මිනී පෙට්ටිත් ගණන් යයි - මින් ඉදිරියට අවමංගල්‍ය ප්‍රවාහන ගාස්තුවලත් වෙනසක්
ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ දැමීම හමුවේ අවමංල්‍ය කටයුතුවලදී මල්ශාලා විසින් අය කරන ගාස්තු ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.
එබැවින් මිනී පෙට්ටියක මිලද රුපියල් 3000 කින් පමණ ඉහළ දැමීමට මල්ශාලා හිමිකරුවන් පියවර ගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව ඉන්ධන මිල ඉහළ දැමීම නිසා අවමංගල්‍ය ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමා ඇත.
ඒ අනුව මල්ශාලා හිමිකරුවන් පවසන්නේ පළමු කිලෝමීටර 12 පමණක් නොමිලේ ප්‍රවාහන කටයුතු ලබාදුන්නද මින් ඉදිරියට එම කටයුතු සීමා කිරීමට සිදුවන බවයි.
එසේම අවමංගල්යශාලාවල සිදු කෙරෙන සේවා කටයුතුවල ගාස්තු ද ඉහළ දමා ඇත.