දක්ෂිණ අධිවේගය කැළඹූ බිහිසුණු අනතුරේදි සිදුවූ ආශ්චර්ය - ජීවිත බේරගන්න නොසිතූ මොහොතක පිහිටට ආ මිහිපිට දෙවිවරු

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම අතර අද (06) දින අලුයම නවතා තිබූ කන්ටේනර් රථයක් සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබූ බව වාර්තා විය.

එම අනතුරින් රියදුරන් දෙදෙනා ඇතුළු සිව්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කඹුරුපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍ය කිත්මා ගුණරත්න හා ඇයගේ සැමියා වන දෙනියාය දෑරංගල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය වෛද්‍ය විද්ව කළුතොට මහතා අනතුර සිදුවූූ ස්ථානයට පැමිණ පැය දෙකකට අධික කාලයක් රැඳී සිට ජීවිත ගලවා ගැනීමේ සහ ගිනිනිවීමේ රාජකාරී නිරත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ එක්ව අනතුරින් තුවාල ලද පුද්ගලයන්ට ප්‍රතිකාර කළ බව වාර්තා වේ.

කන්ටේනර් රථය ටයර් නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය තොගයක් පටවාගෙන කොළඹ සිට මිදිගම දක්වා ධාවනය වෙමින් තිබී ඇත.

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්

එහි පිටුපස රෝදයක හුළං බැසීම හේතුවෙන් එය මාරුකිරීමට දක්ෂිණ අධිවේගයේ නවතා රියදුරු විසින් රෝදය ගලවමින් සිටියදී මාතර දෙසටට ධාවනය වෙමින් තිබූ සිමෙන්ති කුඩු මිශ්‍රණ යන්ත්‍රය කන්ටේනර් රථයේ පිටුපසින් ගැටී මෙම අනතුර සිදුව ඇත.

මේ අතර අනතුර සිදුවූ අවස්ථාවේ දී සිමෙන්ති ප්‍රවාහනය කළ රථයේ ඉදිරිපස තිදෙනෙකු ගමන් කර තිබෙන අතර, අනතුර සිදුවූ විට ඔවුන් රථය තුළ සිරවී සිටි බව පොලීසිය සඳහන් කළා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රථය තුළ සිරවී සිටි පුද්ගලයින්ව වෛද්‍ය උපදෙස් මත එම ස්ථානයෙන් පිටතට රැගෙන ඔක්සිජන් ලබාදීමෙන් පසුව අනෙකුත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

මොන අපරාධයක් කළාටද දෙවියනේ මගේ එකම පුතාට මෙහෙම කළේ...මත්තලම හඬවමින් සදහටම දෑස් පියා ගත් නිම්සර වෙනුවෙන් මවගේ විලාපය

මොන අපරාධයක් කළාටද දෙවියනේ මගේ එකම පුතාට මෙහෙම කළේ...මත්තලම හඬවමින් සදහටම දෑස් පියා ගත් නිම්සර වෙනුවෙන් මවගේ විලාපය

කෙසේ වෙතත් රථයේ සිරවී සිටි රියදුරු එම ස්ථානයෙන් මුදාගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගතව තිබෙනවා.

එනිසා එක් මංතීරුවක් පැය 02කට ආසන්න කාලයක් වසා දැමීමට සිදුවූ බවත් රියදුරු පිටතට ගැනීමේදී පැය භාගෙකට ආසන්න කාලයක් සම්පූර්ණ යෙන්ම මාර්ගය වසා දැමීමට සිදුවූ බවත් පොලීසිය කියා සිටියා.

මේ අතර තුවාලකරුවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා විය.

ලෝකෙම බලන් සිටි සුබ ආරංචිය ලැබෙයි - ඇවිලුණු ගිනිදැල්වලට සටන් විරාමයක්?

ලෝකෙම බලන් සිටි සුබ ආරංචිය ලැබෙයි - ඇවිලුණු ගිනිදැල්වලට සටන් විරාමයක්?