දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් [video]
By Kanchana
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සේවා ප්රදේශය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් ගත් කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි ට්රක් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.
අද (06) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ට්රක් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දොඩංගොඩ සහ වැලිපැන්න අතර කිලෝමීටර් 40 කණුව ආසන්න ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.
මෙම අනතුරත් සමග මාතර දිසාවට ධාවනය වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,