ඉස්සරහට දෙහි ගෙඩියක්වත් නැති වෙන ලකුණු - ලංකාව රත් වීමෙන් දෙහි වගා විනාසයි
By Kaushi
මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම ප්‍රදේශයේ වගා කර තිබූ අක්කර ගණනක දෙහි වගාවන් රැසක් මෙම වියළි කාලගුණය හේතුවෙන් දැනටමත් විනාශ වී තිබෙන බව සඳහන්.
අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න
එමෙන්ම අස්වැන්න නෙලමින් සිටි දෙහි වගාවන්ද මේ වන විට නියඟයට හසු වී විනාශ වෙමින් පවතින බවත් මෙසේ දෙහි වගාවන් විනාශ වීමත් සමඟ ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩිලෙස පීඩාවට පත් වී ඇති බවත් පවසයි.
ඒ අනුව වසර ගණනාවකට පසු වැල්ලවායට බලපෑ දරුණුම නියං කාලගුණයට මේ වන විට වැල්ලවාය ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙමින් සිටින බව සඳහන්.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි