මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට
පොල් වගාව ආශ්‍රිත 'වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය' පාලනය කිරීම වෙනුවෙන් එම ගස් කපා ඉවත් කරන්නන්හට ගෙවූ මුදල වැඩි කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව රෝගී තත්ත්වයට ගොදුරු වූ පොල් ගස් කපා ඉවත් කිරීම සඳහා වගාකරුවන්ට දැනට ලබාදුන් රුපියල් 3,000ක වන්දි මුදල රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවට පොල් වගාකිරීමේ මණ්ඩලය කියා සිටියි.
එසේම මෙහි දී වැඩිදුරටත් පොල් වගාකිරීමේ මණ්ඩලය ඉල්ලා සිටියේ දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති මෙම රෝගය එම පළාතේ පොල් වතුවල තවදුරටත් ඇත්නම් එම රෝගී ගස් කපා ඉවත් කරන ලෙසයි.
ඔවුන් සඳහන් කළේ මෙම රෝගය සෙසු පොල් ගස් අතර පැතිරීම වැළැක්වීමට ඇති එකම විකල්පය එය බවයි.
එසේම මාස තුනක් ඇතුළත කපා දැමීමට දැනටමත් මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 6,200ක ප්‍රමාණයක් සලකුණු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම කාර්යය සිදු කිරීමට විශාල පිරිස් බල ඇණියක් මෙන්ම විවිධ දෙපාර්තමේන්තුවල සහය ලබා ගැනීමට ද තීරණය කර ඇත.
ඒ ඊයේ (4) දින ජාතික සම්බන්ධීකරණ කමිටු රැස්වීම, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීයි.
