පාස්කු නඩුවේ ඊබ්‍රහිම්ගේ රන්,මැණික් දේපළ සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

Report

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් තුළ මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් අඳාළ නියෝගය සිදු කර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබා දීමෙන් පසුව බව කී මහේස්ත්‍රාත්වරයා එසේ නොකරන්නේ නම් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බවද අධිකරණයට දන්වා ඇත.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර ඇත්තේ අඳාළ රන්භාණ්ඩ අයත් තමන්ට බවට පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් දෙදෙනාගේ සොහොයුරු සහ දෙමටගොඩ නිවසේ පිපුරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ජිෆ්රි ෆාතිමා යන අයගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් යන අය අඳාළ භාණ්ඩ තමන්ට අයත් බවත් එම භාණ්ඩ මුදා හරින ලෙසත් නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීමකටයි.

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

මේ අතර පූර්වගාමී මහේස්ත්‍රාත්වරයෙක් සිදු කළ නියෝගයක් සම්බන්ධයෙන් තවත් විනිසුරුවරියක් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් සිදු කර තිබුණද අඳාළ නියෝගයත් නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කර ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සතියක් තුළ එකී භාණ්ඩ මුදා හරින ලෙසට නියෝග කර ඇත.

එසේම මෙම නියෝගය සිදු කිරිමට පෙර පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී ඇති බව සඳහන්.

එහෙත් එහිදී කිසිදු කරුණක් දක්වා නොමැත.

කෙසේ වෙතත් අඳාළ භාණ්ඩ මේ වනවිට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් ඉල්ලා සිටියේ ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙසයි. එහෙත් එහිදි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම භාණ්ඩ සතියක් තුළ මුදා හැරිය යුතු බවයි.

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

ඇමති ආනන්ද කියපු නුවරඑළියේ 'අයිස් ෆැක්ටරිය' ගැන වාර්තාව තවමත් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

ඇමති ආනන්ද කියපු නුවරඑළියේ 'අයිස් ෆැක්ටරිය' ගැන වාර්තාව තවමත් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි