ඇමති ආනන්ද කියපු නුවරඑළියේ 'අයිස් ෆැක්ටරිය' ගැන වාර්තාව තවමත් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

Report

නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එය කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය බවත්, එහි පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සේවය කළ බවත් 2025 සැප්තැම්බර් මාසයේදී අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, තවමත් එම විමර්ශන වාර්තාව තමන්ට ලැබී නොමැති බවයි.

“නුවරඑළිය නේද? ඒ පිළිබඳ විමර්ශන වාර්තාව මට තවම ලැබිලා නැහැ. ප්‍රමාදයි. ඒක ලැබුණු ගමන් මම ඔයාලට සවිස්තරාත්මක පණිවිඩයක් දෙන්නම්”

යැයි ඔහු කීවේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමෙන් වැළකී, මගහැරීමේ ආකාරයකින් එතැනින් නැගිට යාමට ඔහු උත්සාහ දැරූ බව දක්නට ලැබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලදී මෙම ස්ථානය හඳුනාගෙන ඇති බවත්, එය නුවරඑළියේ ගෙයක් කුලියට ගෙන පවත්වාගෙන ගිය බවත් පසුගිය මාසයේදී වාර්තා විය.

කොළඹට පැමිණෙන ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹට පැමිණෙන ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මේ ලග්න වලට මූල්‍ය කටයුතු සාර්ථක වෙන දවසක්, අද ලග්න පලාපල මෙන්න

මේ ලග්න වලට මූල්‍ය කටයුතු සාර්ථක වෙන දවසක්, අද ලග්න පලාපල මෙන්න