කොළඹ යටවෙයි - රියදුරන්ට විශේෂ උපදෙස් - කාලගුණය නරක අතට

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, ඉදිරි කාලසීමාවේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි, ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

කොළඹ ඇතුළු තද වැසි පවතින ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීම සහ මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් ඉදිරිය පැහැදිලිව නොපෙනීමේ අවදානමක් පවතින බැවින්, රථවාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබාදී ඇත.

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

පවතින සුළං රටාවේ සිදුව ඇති වෙනස්වීම් හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ප්‍රදේශවලට තවදුරටත් තද වැසි පතිත විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඊට අමතරව, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් පිළිබඳව සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් පිළිබඳව සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලටත්, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහාත් ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.