ATM හා CDM යන්ත්ර භාවිත කරනවද? ශ්රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්
ශ්රී ලංකා පොලිසිය පවසන්නේ මුදල් තැන්පත් කිරීමේ CDM යන්ත්ර අසල රැඳී සිටිමින්, මහජනතාවගේ නොදැනුවත්කම සහ මානුෂීයභාවය අවභාවිත කරමින් සිදුකරන අලුත්ම ආකාරයේ මුදල් වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවයි.
වැඩිදුරටත් පොලිසිය සඳහන් කරන්නේ එම වංචාකරුවන් තමන් සතුව ඇති මුදල් යන්ත්රයට තැන්පත් කිරීමට නොහැකි බව පවසා, එම මුදල් ඔබට දී ඒ වෙනුවෙන් වෙනත් මුදල් ඉල්ලීමට කටයුතු කරන බවයි.
ඒ අනුව ප්රථමයෙන් රු. 500ක නෝට්ටුවක් දී මාරු ඉල්ලන අතර, කලින් රු. 500ක් දුන් බව පැවසූ විට “එහෙම එකක් දුන්නේ නැහැ” යැයි පවසමින් ඔබව නොමඟ යවා මුදල් වංචා කරන බවයි ශ්රී ලංකා පොලිසිය සඳහන් කර ඇත.