පෞද්ගලික අංශයේ මේ සේවකයන්ට අලුතෙන් එන්න යන නීති සඳහා කැබිනට් අනුමැතිය

Report

1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත යටතේ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන හා එහි සේවකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ නෛතික ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල ආරක්ෂක කටයුතුවල යෙදෙන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන 1,050ක් යටතේ මේ වන විට සේවකයින් 150,000ක් පමණ සේවයේ යෙදී සිටින බව සඳහන්.

එමෙන්ම වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් එකී ආයතන හා සේවකයින් ඵලදායී ලෙස නියාමනය කිරීමට මෙන්ම කාර්යක්ෂම සේවයක් ලබා දීමට අඳාළ නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට නිරීක්ෂණය වී ඇත.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

එනිසා සපයනු ලබන සේවාවේ ස්වභාවය අනුව සේවා වර්ගීකරණය, එම වර්ගීකරණය මත පදනම්ව ආරක්ෂක සේවාවන්හි නිරත සේවකයින් පුහුණු කිරීම, ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීම හා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම් යටතට ගැනෙන පුහුණු අවස්ථා සලසා දීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මෙන්ම, පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය හා බලපත්‍ර අවලංගු කිරීම සහ එම ආයතන වෙත ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීම වැනි කාර්යයන් නියාමනය කිරීමට හැකි වන ලෙස නව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමටත් යෝජනා ක‍ර තිබෙනවා.

එකී නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීම පිණිස ආරක්ෂක අමාත්‍ය ලෙස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.  

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීම කල් යන ලකුණු - කැබිනට් අනුමැතිය තවදුරටත් ප්‍රමාදයි

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීම කල් යන ලකුණු - කැබිනට් අනුමැතිය තවදුරටත් ප්‍රමාදයි

අලුත් අවුරුද්ද, අලුත් නිවස - මෙම වසරේ නව නිවාස 31,000ක්

අලුත් අවුරුද්ද, අලුත් නිවස - මෙම වසරේ නව නිවාස 31,000ක්