අදත් ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු අඟවයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට නිවේදනය කරයි.
එසේම වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.
එමෙන්ම අඳාළ නිවේදනයේ ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට දක්වා තිබෙනවා.
ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් පවසයි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.