කැළඹෙන වායුගෝලය නිසා අද 2 න් පස්සේ ප්‍රවේශම්වන්න - අනතුරු ඇඟවීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

එසේම අද (3) දිනයේ දී නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව දක්වයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට පමණ තරමක තද වැසි ඇති විය හැක.

ඊට අමතරව එම නිවේදනයෙහි දැක්වෙන්නේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව සඳහන්.

තවද සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පහල වායුගෝලය කැළඹෙයි - රටටම ආයෙත් වැසි

පහල වායුගෝලය කැළඹෙයි - රටටම ආයෙත් වැසි

ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම නිසා අද මේ අයට දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් මිල මුදල් උතුරන දවසක්

ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම නිසා අද මේ අයට දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් මිල මුදල් උතුරන දවසක්