ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමුවේ සාකච්ඡා කෙරූ දේවල් මෙන්න
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජා මහතා අතර කොළඹ දී සුවිශේෂී හමුවක් පැවැති බව වාර්තා වේ.
කොළඹ 7 පස්වන පටු මගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මෙම හමුව සිදු ව තිබේ. ලෝක දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු විය.
නේපාලයේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර වූ සාකච්ඡාව පිළිබඳව ඉන්දීය මහා කොමසාරිස්වරයා විසින් නව දිල්ලියට වාර්තා කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත.