මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණය නැවත සලකා බැලීමට ඉල්ලීමක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ තීරණය නැවත සලකා බැලීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි සංසදයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

මෙම විශ්‍රාම වැටුප අහිමි කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතරයකගේ ජීවිත දුෂ්කර තත්ත්වයකට පත්වන බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවත්, රටේ දේශපාලන ඉතිහාසයේ මෙවැනි තීරණයක් ගැනීමෙන් විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගේ ආර්ථික ආරක්ෂාවට බලපෑම් එල්ල වන බවත් ඔහු අවධාරණය කළේය.

කරු ජයසූරිය මහතා සඳහන් කළේ, විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 300කට ආසන්න පිරිසක් සිටින බවත්, ඔවුන්ගෙන් 98%කටත් වැඩි ප්‍රමාණයක් දුෂ්කර ජීවිත ගත කරන බවත්ය. මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් ඔවුන්ගේ ජීවනෝපායන්ට බරපතල බලපෑම් එල්ල වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයට බරක්වූ රාජ්‍ය ආයතන වසා දානවත් එක්කම මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි

රජයට බරක්වූ රාජ්‍ය ආයතන වසා දානවත් එක්කම මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි

ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් සිය විශ්‍රාමික මහජන නියෝජිතයන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන බව සඳහන් කළ හිටපු කතානායකවරයා, මෙසේ සියලු පහසුකම් කප්පාදු කිරීම ලොව කිසිදු රටක දැකගත නොහැකි තත්ත්වයක් බවත් පැවසීය. මෙම තීරණය රටේ දේශපාලන සම්ප්‍රදායන්ට අනුකූල නොවන බවත්, එය විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගේ ගෞරවයට හානිකර බවත් ඔහු අවධාරණය කළේය.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි සංසදය ලෙස මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් මීට පෙරත් සිදු කළත්, මේ වන තෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැති බවත් හිටපු කතානායකවරයා වැඩිදුරටත් පැවසීය. මෙම ඉල්ලීම රජයට ඉදිරිපත් කිරීමට සංසදය සූදානම් බවත්, ජනාධිපතිවරයාගේ අවධානය මෙයට යොමු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.  

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

වතු කම්කරු වැටුප රු.1700 දක්වා වැඩි කිරීමේ තීරණය ගැන ඉඟියක්

වතු කම්කරු වැටුප රු.1700 දක්වා වැඩි කිරීමේ තීරණය ගැන ඉඟියක්

මේ ලග්න වලට නම් අද මල් පිට මල් - වාසනාව දෝරේ ගලනවා

මේ ලග්න වලට නම් අද මල් පිට මල් - වාසනාව දෝරේ ගලනවා