ලෝකයම බලා සිටින ඉන්දීය - පාකිස්තාන ක්‍රිකට් ගැටුම - කොළඹ තර­ගයේ ප්‍ර‍වේශ පත්‍ර අඩුම එක තිස්හ­තර දහ­සයි!

Report

මෙවර ICC Men's T20 World Cup 2026 තරගාවලියේ ඉන්දීය සහ පාකිස්තානය අතර තරගය මේ 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නියමිත පරිදි පැවැත්වීමට සියලු පාර්ශ්ව එකඟ වී ඇති බැවින්, ඊයේ සිට ප්‍රවේශ පත්‍ර ඉතා ඉක්මනින් අලෙවි වෙමින් පවතී.

විදේශීය නරඹන්නන්ගේ විශාල පිරිසක් මාර්ගගතව (online) ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඊයේ මාර්ගගත ක්‍රමයේ විශාල තදබදයක් ඇති වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

ඉන්දීය – පාකිස්තාන තරගය පැවැත්වෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 'බ්ලොක් සී' හිඳගැනීමට ආසන නොමැති පහළ කොන්ක්‍රීට් බිම් තීරුවේ සිට තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක මිල අමෙරිකානු ඩොලර් 110ක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 34,000ක් පමණ) වන අතර, ක්‍රීඩාංගණයේ ඉහළ මහලේ ප්‍රභූ ආසනයක සිට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක මිල අමෙරිකානු ඩොලර් 900ක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 278,000ක් පමණ) වේ.

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා

පාකිස්තාන රජය මුලදී ඉන්දියාව සමඟ තරගය වර්ජනය කරන බව ප්‍රකාශ කළ නමුත්, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් මහතා අතර විශේෂ දුරකථන සංවාදයකින් පසුව පාකිස්තාන රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ 15 වැනිදා කොළඹදී ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට සූදානම් බව සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ද නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානය සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බවත්, සියලු සාමාජික රටවල් අනාගත ICC ඉසව්වලට සහභාගි වීමට ඇති කැපවීමට ගරු කිරීමට එකඟ වූ බවත් ප්‍රකාශ කළේය.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් කවාජා, පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී මොහ්සින් නක්වි සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී පාකිස්තානය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ අතර, බංග්ලාදේශය ද කොන්දේසි ඉදිරිපත් කළේය.

දැඩි මතභේදයට තුඩු දුන් ලොවම බලන් සිටි 15 තරගයට විශේෂ ආරක්ෂාවක් - ලංකාවටත් විශාල වගකීමක්

දැඩි මතභේදයට තුඩු දුන් ලොවම බලන් සිටි 15 තරගයට විශේෂ ආරක්ෂාවක් - ලංකාවටත් විශාල වගකීමක්

එම කොන්දේසි අතර තරගාවලියෙන් ඉවත්වූ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට වන්දි ගෙවීම, පාකිස්තානය ඉන්දියාව සමඟ තරගයට සහභාගි වීම වෙනුවෙන් සහභාගිත්ව ගාස්තු වැඩි කිරීම හෝ විශේෂ දීමනාවක් ලබාදීම, ඉදිරියේදී ICC කුසලාන ඉසව්වලදී සත්කාරක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ඇතුළත් විය.

මෙම තරගය ලෝක කුසලානයේ වාණිජමය වශයෙන් වැදගත්ම තරගයක් බැවින්, එය සාර්ථකව පැවැත්වීම ICC සඳහාද වැදගත් වේ. තරගයේ ආරම්භය ප.ව. 7.00 ට (ශ්‍රී ලංකා වේලාවට) නියමිතය.

ජනපති හා ඇමති පකිස්ථානයට ස්තූති කරයි - ඉන්දියා පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ

ජනපති හා ඇමති පකිස්ථානයට ස්තූති කරයි - ඉන්දියා පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ