අනේ අම්මපා මෙහෙමත් ගෑණු ..

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka Abu Dhabi
By Piyumika Oct 30, 2024 02:26 AM GMT
Piyumika

Piyumika

Report

අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය අද(29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව පැය 03 ක් වැනි කාළයක් තුළ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වුණේ .

පාලමක් උඩ දහස් ගණනක් නිරුවතින් මොකද මේ..(VIDEO)

පාලමක් උඩ දහස් ගණනක් නිරුවතින් මොකද මේ..(VIDEO)

මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙක් වන අතර ගෘහ සේවිකාව වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් ඇය අද උදෑසන 08.38 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , සියලුම ගුවන් මගීන් , තම ගුවන් යානයෙන් බැස ගිය පසු , ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ තිබේ .

මොකක්ද මේ කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ආපු දුරකථන ඇමතුම..

මොකක්ද මේ කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ආපු දුරකථන ඇමතුම..

පසුව ඔවුන් ගුවන් තොටුපොළ නිශ්කාශන කටයුතු නිමා කර , ඔවුන් සිය ගමන් මලු රැගෙන , ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වනවිට , ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබෙනවා. ඉන්පසුව ඒ පිළිබඳ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරතුමිය දැනුවත් කිරීමෙන් පසු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම සිදු කර තිබෙනවා.

එහිදී මෙම ගුවන් යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක් , ගුවන් නියමුවාගේ ගමන් බෑගය රැගෙන , වහා ගුවන් තොටුපොළ වෙනත් ස්ථානයකට ගොස් , එම ගමන් බෑගය , ඇය සිය බඩුබාහිරාදිය රැගෙන යන ට්‍රොලි ය තුළ සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී..

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී..

ඒ අනුව වැඩිදුරටත් එම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී , ඇය වහ වහා ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී සිය නිවෙස බලා පිටත්ව යන ආකාරය ද එහි සටහන් වී තිබෙනවා.

ඒ අනුව මෙම ත්‍රිරෝද රථය හඳුනා ගන්නා ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරතුමිය ඇතුළු එහි නිලධාරීන් ,මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට දන්වා , එම ත්‍රිරෝද රථයේ රියැදුරුවරයාගේ මග පෙන්වීම මත , වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි එම ගෘහ සේවිකාවගේ නිවෙස වෙත ගොස් , ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගත් කාන්තාව අත් අඩංගුවට ගෙන තිබෙනවා

සහල් ගැටලුවට මෝල් හිමියන් වගකිවයුතු නිසාද අධිකාරියෙන් පනිද්දී හාල් මෝල් වසා අයිතිකාරයෝ හැංගිමුත්තන් කරන්නේ..

සහල් ගැටලුවට මෝල් හිමියන් වගකිවයුතු නිසාද අධිකාරියෙන් පනිද්දී හාල් මෝල් වසා අයිතිකාරයෝ හැංගිමුත්තන් කරන්නේ..

මෙසේ අත් අඩංගුවට ගත් ගෘහ සේවිකාව සහ ඇය විසින් සොරා ගත් ගමන් බෑගය ද සමග මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.