මොකක්ද මේ කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ආපු දුරකථන ඇමතුම..
කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන්පුද්ගලයෙකු වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කටුනායක ගුවන් තොටුපොලෙහි බෝම්බයක් ඇති බවට සඳහන් කරමින් මොහු ඉකුත් (27) දින ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කළමනාකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ඇමතුමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ කටයුතු වලට බාධා එල්ල වූ අතර, ගුවන් තොටුපොල සහ මගීන් දැඩි පරීක්ෂාවට ලක් කර ගුවන් ගමන් ප්‍රමාදයක් ද සිදුව තිබු