මට පොලිසියට එන්න කිව්වෙ නෑ - විමල් කට අරියි
හෙට (06) දින හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාව තංගල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇතැයි පුවතක් සංසරණය වේ.
මෙලෙස වාර්තා කිරීමට නියෝග කර ඇත්තේ බෙලි අත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව කරුණු විමසීම සඳහා බව සඳහන් වේ.
නමුත් මේ පිළිබදව විමසීමේ දී විමල් වීරවංශ මහතා සඳහන් කලේ තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසට තමාට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවයි.
එහිදී හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන්ට තංගල්ල පොලිසියට පැමිණෙන ලෙසට ලිඛිත හෝ වාචිකව මෙතෙක් කිසිදු ආකාරයක දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.