ඇඳුම් මාරු කරන කාමරේ රහස් එළියට ඇද්ද හැටි - රිස්වාන් සහ ඉමාම් සයිබර් අංශයේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ

Report

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් වන මොහොමඩ් රිස්වාන් සහ ඉමාම් උල් හක්ගෙන් ලාහෝර්හි ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය (NCCIA) ප්‍රශ්න කර තිබේ.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන පරිදි, එංගලන්ත ටෙස්ට් සංචාරය අතරතුර කණ්ඩායමේ ඇඳුම් මාරු කරන කාමරයේ තොරතුරු පිටතට කාන්දු වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙයි.

ක්‍රීඩකයින් දෙදෙනා බ්‍රහස්පතින්දා ලාහෝර්හි ජොහාර් නගරයේ පිහිටි ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන් වේ. ඒ අනුව, ඇඳුම් මාරු කරන කාමරයෙන් සිදුවූ බව කියන තොරතුරු කාන්දුවීම් මෙන්ම එංගලන්තයේ පැවති පුහුණු සැසි සහ තරග අතරතුර රිස්වාන් හා ඉමාම් සම්බන්ධ වූ පුද්ගලයන් සහ පැවැත්වූ රැස්වීම් පිළිබඳවද ප්‍රශ්න කර තිබේ.

ඇඳුම් මාරු කරන කාමරේ රහස් එළියට ඇද්ද හැටි - රිස්වාන් සහ ඉමාම් සයිබර් අංශයේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ | Why Rizwan Imam Face Cybercrime Probe

ප්‍රසංගයත් නෑ.. සල්ලිත් නෑ.. - Ne-Yo ලංකාවට එරෙහිව ඇමරිකාවේදී නඩු මඟට

ප්‍රසංගයත් නෑ.. සල්ලිත් නෑ.. - Ne-Yo ලංකාවට එරෙහිව ඇමරිකාවේදී නඩු මඟට

ජංගම දුරකථන සහ මූල්‍ය ගනුදෙනුත් විමර්ශනයට

රිස්වාන් සහ ඉමාම්ගේ ජංගම දුරකථනද අධිකරණ වෛද්‍ය සහ තාක්ෂණික විශ්ලේෂණයකට යොමු කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම එංගලන්ත සංචාරයට පෙර සහ සංචාරය අතරතුර සිදු වූ ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳවද විමර්ශනයක් සිදු කෙරෙන බව සඳහන් වේ.

‘Geo News’ වාර්තා කරන පරිදි, සමාගම්, පුද්ගලයන් හෝ වෙනත් සංවිධාන සමඟ සිදුකර ඇති බව කියන ගෙවීම් සහ ගනුදෙනුද විමර්ශනයට ලක්වෙමින් පවතී.

කෙසේ වෙතත්, මේ දක්වා ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය විසින් රිස්වාන් හෝ ඉමාම් කිසියම් වරදකට සම්බන්ධ බවට නිල වශයෙන් කිසිදු තීරණයක් හෝ සොයාගැනීමක් ප්‍රකාශයට පත් කර නොමැත.   

විමර්ශනයේදී මතු වූ කරුණු සම්බන්ධයෙන් ලිඛිත ප්‍රතිචාර ලබාදීම සඳහා ක්‍රීඩකයින් දෙදෙනා අමතර කාලයක් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

ඇඳුම් මාරු කරන කාමරේ රහස් එළියට ඇද්ද හැටි - රිස්වාන් සහ ඉමාම් සයිබර් අංශයේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ | Why Rizwan Imam Face Cybercrime Probe

ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනම් - දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනම් - දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය වෙතින් වෙනම විනය පරීක්ෂණයක්

මේ අතර, එංගලන්ත සංචාරය අතරතුර පාකිස්තාන ක්‍රීඩකයින්ගේ විනය සහ හැසිරීම සම්බන්ධයෙන් ලැබුණු වාර්තා පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් වෙනම අභ්‍යන්තර විනය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.   

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසා ඇත්තේ එම පරීක්ෂණය මණ්ඩලයේ පවතින රෙගුලාසි යටතේ සිදුකරන බවයි. කෙසේ වෙතත්, විමර්ශන කටයුතු අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීම PCB විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එංගලන්ත සංචාරයේදී ලෝඩ්ස්හි පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ දැඩි පරාජයෙන් පසුව පාකිස්තානයට ආපසු කැඳවනු ලැබූ ක්‍රීඩකයින් හත්දෙනා අතර රිස්වාන් සහ ඉමාම්ද සිටියහ.

පළමු ටෙස්ට් තරගයෙන්ද දැඩි පරාජයක් ලැබූ පාකිස්තානය, ලෝඩ්ස්හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 194කින් පරාජයට පත්විය.

එම පරාජයන් සමඟ පාකිස්තාන සංචිතයේ මෙන්ම පුහුණු කණ්ඩායමේද සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබුණි.  

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්