රනිල් සිංගප්පූරුවට ගිය හේතුව වජිර වමාරයි [VIDEO]

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගමන් කළේ, මෙරට ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවීමෙන් ඇති වූ තත්ත්වය හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද (10) මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වජිර අබේවර්ධන මහතා පැවසුවේ, 2025 අගෝස්තු 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ රනිල් වික්‍රමසිංහ මහතා දිගු කාලයක් රඳවා තබා පසුව අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එහිදී රාත්‍රී කාලයේ විදුලි බිඳවැටීමක් අතරතුර ඔහු අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ ලොකුම වංචාව වහන්න ගිහින් 159ම හත්පොලේ ගාගත්තු දැලි ගැන මරික්කාර් කට අරී

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ ලොකුම වංචාව වහන්න ගිහින් 159ම හත්පොලේ ගාගත්තු දැලි ගැන මරික්කාර් කට අරී

පසුව බන්ධනාගාරයට ගෙන යාමේදී ඔහුගේ රුධිර පීඩනය හා රුධිර සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාර රෝහලටත්, අනතුරුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමට සිදුවූ බව සඳහන් කරයි. එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර, අගෝස්තු 26 දින අධිකරණයට සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් වූ බවද පැවසීය.

අධිකරණය විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරීමට තීරණය කළ බවද සඳහන් කෙරේ.

එමෙන්ම, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනෙකු රහස් පොලිසියට විටින් විට කැඳවා ඔවුන් විසින් ලබා දුන් වාර්තා පිළිබඳ විමර්ශන සිදු කිරීම වෛද්‍ය වෘත්තියට පීඩනයක් බව වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස් වෙයි ද? අජිත් විවාදය පටන් ගන්නකොටම කුමාරව හිර කරයි

බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස් වෙයි ද? අජිත් විවාදය පටන් ගන්නකොටම කුමාරව හිර කරයි

මෙවැනි තත්ත්වයක් යටතේ නැවත ප්‍රතිකාර ලබා ගැනීමේදීද ගැටළු ඇති විය හැකි බැවින්, රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීම තීරණය කළ බවද ඔහු අවධාරණය කළේය.

අවසානයේ ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සතුව දක්ෂ වෛද්‍ය පද්ධතියක් තිබුණද, යහපත් පාලනයක් ස්ථාපිත කිරීමට අපොහොසත් වී ඇති බවයි.

අලුත් අවුරුද්දට මත්පැන් අලෙවිසල් වැහෙන දිනවල් මෙන්න

අලුත් අවුරුද්දට මත්පැන් අලෙවිසල් වැහෙන දිනවල් මෙන්න