මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්...ඉතිහාසයේ තුන්වෙනි වතාවට වේගයෙන් පැතිරෙන මාරාන්තික වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹෙයි

Report

කොංගෝ ජනරජය තුළ අවම ලෙස පුද්ගල ජීවිත 131ක් බිලිගත් ඉබෝලා වෛරසය, මුලින් ගණන් බලා තිබූ වේගයට වඩා බෙහෙවින් වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවයි.

ඒ අනුව සිදුකරන ලද පුළුල් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම මාරාන්තික වෛරසය මේ වන විටත් කොංගෝවේ සැලකිය යුතු ප්‍රදේශ ගණනාවකට පැතිර ගොස් තිබෙන බවයි.

එසේම කොංගෝ රාජ්‍යය තුළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් සංඛ්‍යාව 513ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

මෙම වසංගත තත්ත්වය හේතුවෙන් අසල්වැසි උගන්ඩාවෙන් ද එක් මරණයක් වාර්තා වී ඇති අතර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ උගන්ඩාව මුහුණ දී ඇති මෙම ව්‍යසනකාරී තත්ත්වය, ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය යුතු "මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්" වශයෙන් සලකා කටයුතු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩීහැනොම් ගෙබ්‍රෙයෙසස් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම රෝගී තත්ත්වය ගෝලීය වසංගතයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශ කිරීමට තරම් සාධක තවමත් සපුරා නොමැති බවයි.

එසේ වුවත් අවට පවතින සෙසු අසල්වැසි රටවලට මෙම වෛරසය පැතිර යාමේ ඉතා ඉහළ ප්‍රවණතාවක් පවතින බව ඔහු අවධාරණය කර ඇත.

මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොංගෝව සහ උගන්ඩාව වෙළාගෙන ඇති මෙම වසංගතයට හේතුවී ඇත්තේ 'බුන්ඩිබුග්යෝ' නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදය බවයි.

ලොවක් හැඬවූ ඛේදවාචකයක් - සද්ධන්තයන් දෙන්නට මැදිවූ ඇයත් - ඇය වෙනුවෙන් දරුවාත් එක්කම සටන් කළ ඔහුත් සියල්ල පරදා ඇගේ හුස්ම නවතී

ලොවක් හැඬවූ ඛේදවාචකයක් - සද්ධන්තයන් දෙන්නට මැදිවූ ඇයත් - ඇය වෙනුවෙන් දරුවාත් එක්කම සටන් කළ ඔහුත් සියල්ල පරදා ඇගේ හුස්ම නවතී

එසේම එය මෙතෙක් කිසිදු නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති ඉතා දුර්ලභ ගණයේ රෝගී තත්ත්වයක් බව වාර්තා වේ.

එමෙන්ම මින් පෙර කොංගෝවෙන් සහ උගන්ඩාවෙන් ඉබෝලා වසංගත තත්ත්වයන් 20කට අධික වාර ගණනක් වාර්තා වී තිබුණද, බුන්ඩිබුග්යෝ වෛරස් ප්‍රභේදය මෙසේ ව්‍යාප්ත වූයේ ඉතිහාසයේ තෙවැනි වතාවට වීම විශේෂත්වයක්.

ජපානයේ රිච්ටර් මාපක 5.9ක භූචලනයක්

ජපානයේ රිච්ටර් මාපක 5.9ක භූචලනයක්

Gallery