ලොවක් හැඬවූ ඛේදවාචකයක් - සද්ධන්තයන් දෙන්නට මැදිවූ ඇයත් - ඇය වෙනුවෙන් දරුවාත් එක්කම සටන් කළ ඔහුත් සියල්ල පරදා ඇගේ හුස්ම නවතී [VIDEO]

Report

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සංචාරකයින් අතර බෙහෙවින් ප්‍රසිද්ධියක් උසුලන ඩුබාරේ අලි කඳවුර ගැන මේ දිනවල නම් ඇහෙන්නේ දරුණු ඛේදවාචකයක්.

ඒ මේ වන විට සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වන එක්තරා වීඩියෝවක් නිසයි. ඩුබාරේ අලි කඳවුර බලන්න තමන්ගේ ආදරණීය සැමියා සහ කිරි කැටියා සමඟ ගිය 33 හැවිරිදි තුලිසි කියන තරුණ අම්මාට මුහුණ දෙන්න වූ බවට සටහන් වූ එම වීඩියෝව ඒ තරම්ම ඛේදවාචකයක්.

ලොවක් කම්පා කළ මෙම පුවත සම්බන්ධයෙන් ආරංචි වෙන විදිහට නම්, එම කඳවුරේ සිටි මාර්තාණ්ඩ යන අලියා සහ කන්ජන් යන ඇතා අතර එක්වරම දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා.

එම ගැටුමේදී මේ සත්ත්වයන් දෙන්නා කුලප්පු වී ප්‍රචණ්ඩ වූ අවස්ථාවේ එහි රැස්ව සිටි සංචාරකයන් බියෙන් දුව ගොස් තියෙනවා.

හැබැයි අවාසනාවකට මේ දරුණු සත්ත්ව පොරය මැදට තුලිසි කියන කාන්තාව කොටු වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ.

සමාජ මාධ්‍ය කළඹපු වයරල් වීඩියෝව නිසා ඇත්තටම වුණ දේ ගැන චාමර කට අරියි

සමාජ මාධ්‍ය කළඹපු වයරල් වීඩියෝව නිසා ඇත්තටම වුණ දේ ගැන චාමර කට අරියි

කුලප්පු වුණු සතුන්ගේ පෑගීමට සහ පහරදීමට ලක්වුණු ඇය එතැනම ඇද වැටී ඇත්තේ දිවි ගලවා ගැනීමට කිසිදු මඟක් නොපෙනෙන විටයි.

මෙම සිදුවීම මේ වන විට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් මෙන් සංසරණය වෙන අතර අඳාළ වීඩියෝවේ තමන්ගේ බිරිඳ සතුන්ට මැදිව මරණාසන්නව සිටීම දැක ඇයගේ සැමියා, තම දරුවාවත් එක අතකින් වඩාගෙන, ජීවිත අවදානම පවා නොතකා බිරිඳව බේරා ගැනීමට උත්සහ කළ ආකාරය සටහන් වෙනවා.

දරුවා ද හොවා ගෙන හඬා වැටෙමින් ඔහු කළ ඒ අසරණ සටන දුටුවන් කම්පාවට පත් කරන දසුනක්. ඒත් ඒ සියලු උත්සාහයන් නිෂ්ඵල කරමින් තුලිසි නමැති කාන්තාව මෙලොව හැරගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලොවම කම්පාවට පත් කරමින්.

තමන්ගේ පවුලේ අය එක්ක ඇය ආසාවෙන් ගත කළ ඒ මොහොතේ, ඈ ආසාවෙන් නැරඹූ අලි ඇතුන්ගේම පාපහරට හසුවී ජීවිතය හමාර කරන්නට වන බව ඇය මොහොතකටවත් සිතන්න නැතුව ඇති.

අද රටම කතා කළ රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා නොකළ හේතුව මෙන්න - විජිතම කියයි

අද රටම කතා කළ රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා නොකළ හේතුව මෙන්න - විජිතම කියයි

විටෙක ආදරණීයවූත් විටෙක ප්‍රචණ්ඩවූත් සත්ත්ව ලෝකයෙන් ඇහෙන මෙවැනි පුවත් මැද බුද්ධියෙන් කටයුතු කිරීම විනා මිනිසුන් ලෙස අපට කළ හැකි අන් යමක් නැහැ.

එසේම මෙවැනි පුවත්වලින් යළි යළිත් මතක් කරන්නේ සතුන් කොතරම් ආදරණීය වුවත්, හීලෑ වුවත් ඔවුන්ට ළං වන විට තම ආරක්ෂාව ගැන ද දෙවරක් සිතිය යුතු බව‍ නොවේද? 

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

රටම කැළඹූ අනුරාධපුර ළමා අපයෝජන නඩුවේ සැකකාර හිමිනමට නීතිඥයෝ 30ක් එද්දී, අහිංසක දරුවාට කවුරුවත් නෑ.. - නීතිපතිට හදිසි ලිපියක්

රටම කැළඹූ අනුරාධපුර ළමා අපයෝජන නඩුවේ සැකකාර හිමිනමට නීතිඥයෝ 30ක් එද්දී, අහිංසක දරුවාට කවුරුවත් නෑ.. - නීතිපතිට හදිසි ලිපියක්