වෙන් කරපු අයවැයවලින් මොනවද කළේ?...ප්‍රගතිය විමසන ජනපති

Report

ජනාධිපති කාර්යාලයේදී ඊයේ (6) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ මෙවර අයවැය මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමටයි.

ඒ අනුව මෙම සාකච්ඡාවේදි සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන් ලෙස විමසා බලා ඇත.

එමෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව තිබෙන ගැටලු සම්බන්ධයෙන් ද පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

ඒ අනුව අඳාළ සාකච්ඡාවේ දී ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහ ඖෂධ ප්‍රමිතිගතකරණය පිළිබඳව මතුව තිබෙන අභියෝග සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගී වී තිබෙනවා. 

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා