උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප්‍රබල අකුණු සහ වැසි අවදානම
By R.rishma
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.