මෙන්න අවවාදාත්මක නිවේදනයක් - ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු!

By Shehan Apr 07, 2025 10:19 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

අද (07) පස්වරු 2.00ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉඩකඩ වැඩි බව සඳහන් වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ බරපතලම පහත වැටීමක්… පැයකින් ඒකක 629කින් අඩු වෙයි!

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ බරපතලම පහත වැටීමක්… පැයකින් ඒකක 629කින් අඩු වෙයි!

ගිගුරුම් සහිත වැසි වලට සමගාමීව එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අකුණුවලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වැලිකඩ තරුණ මරණය: ස්ථානාධිපති ඉවත් කිරීමට නිර්දේශ

වැලිකඩ තරුණ මරණය: ස්ථානාධිපති ඉවත් කිරීමට නිර්දේශ