ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද එන්නෙ?. කාලගුණයේ වෙන දෙය මෙන්න..

Report

ඉදිරි දින කිහිපයේදීත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

අවුරුද්ද ගෙවෙන අන්තිම දවස.. 31 වෙනිදා ගැන..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

අවුරුද්ද ගෙවෙන අන්තිම දවස.. 31 වෙනිදා ගැන..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-35ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

තවද, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video👇 

.