ලෝක කුසලානය කට උඩ තියෙද්දි, මොකක්ද මේ කෝලි එකපාරටම ඉල්ලන්නේ?.

Report

විරාට් කෝලී 20-20 ලෝක කුසලානයට පෙර විවේකයක් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

ලෝක කුසලානය කට උඩ තියෙද්දි, මොකක්ද මේ කෝලි එකපාරටම ඉල්ලන්නේ?. | Virat Kohli

මොහු මෙලෙස විවේකයක් ඉල්ලා ඇත්තේ RCB කණ්ඩායම ඉන්දීය ප්‍රිමිය ලීගයෙන් ඉවත් වීමත් සමගයි.

මෙම ඉල්ලීම BCCI වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් විසින් කෝලිට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

ඉන්දියාවේ මාධ්‍ය සඳහන් කළේ කෝලී බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවයි.

භයානක HIV වෛරසයට එන්නතක්.. සිරුරට ඇතුළු වූ විගස වෙන්නෙ මෙන්න මේකයි..

භයානක HIV වෛරසයට එන්නතක්.. සිරුරට ඇතුළු වූ විගස වෙන්නෙ මෙන්න මේකයි..


කෙසේ වෙතත්, මේ අතරම ඉන්දියානු කණ්ඩායම සමග විරාට් කෝලී අමෙරිකාව බලා නොයනු ඇති බවට ද එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. 

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් 2024හි සන්නාම තානාපති ලෙස ඔස්ට්‍රෙලියානු හිටපු සුපිරි ක්‍රීඩක මයිකල් ක්ලාක් නම් කර තිබෙනවා.

ඒ බව එම තරගාවලියේ සංවිධායක මණ්ඩලය නිවේදනය කළේ ය.

එළඹෙන ජූලි 01 සිට 21 වැනි දා ක්‍රියාත්මක වීම්ට නියමිත එම තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස නම් කර ඇති හිටපු ඔස්ට්‍රෙලියානු නායකයා සිය රට වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින යන ක්‍රිකට් ආකෘති දෙක සඳහා ම නායකත්වය දුන් අයෙක් වේ.

හදිසියේම අසනීප වුණ ෂාරුක් ඛාන්ගේ දැන් තත්ත්වය ගැන ලැබුණ ආරංචිය මෙන්න..

හදිසියේම අසනීප වුණ ෂාරුක් ඛාන්ගේ දැන් තත්ත්වය ගැන ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, 2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ද නායකත්වය දැරූ මයිකල් ක්ලාක්, ලංකා ප්‍රිමියර් ලීග් 2024හි සන්නාම තානාපතිවරයා බවට තමාව තෝරා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, සිය ක්‍රීඩා දිවියේ දී ප්‍රතිවාදීන් ලෙස සටන් කිරීමට කැමතිම රටක් වූ ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පමණක්, නොව අදාළ තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස තමාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ද තමන් සතුටට පත් වන බවයි.