සුපිරි පිතිකරු විරාත් කෝලිගේ පෞද්ගලිකත්වයට හානියක් - පෞද්ගලික කාමරය හොරෙන් රූගත කර සමාජ මාධ්‍යට මුදාහරී ..! (VIDEO)

David Warner Virat Kohli Cricket
By Sewvandhi Oct 31, 2022 11:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත අද්දැකීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය ඉතා ම පරපීඩිත ක්‍රියාවක් බව හා එය තමාට මුහුණ දීමට සිදු වූ බිහිසුණු අද්දැකීමක් ලෙසත් විරාත් කෝලි හඳුන්වනවා. 

 විරාත් කෝලි නොමැති අවස්ථාවක දී යම් පුද්ගලයෙක් ඔහුගේ ක්‍රීඩා විවේක කාමරයට ඇතුළු වී ඇති අතර, විරාට් කෝලිගේ ඇඳුම් ආයිත්තම් හා ක්‍රීඩා භාණ්ඩ ආදිය අදාළ පුද්ගලයා විසින් රූපගත කර ඇති බව සඳහන්.

ඉන්දීය නායක රෝහිත් ශර්මා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා ඇත්තේ, සෑ ම අයෙකුගේ ම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස හා ක්‍රීඩකයන් විනෝදාස්වාදය පිණිස වැරැදි ලෙස පරිහහරණය නො ක‍රන ලෙස යි.

ක්‍රීඩා ලෝලින් විසින් ක්‍රීඩකයන්ට ආදරය දැක්වීම ඔවුන් හා කතාබහ කොට උද්‍යෝගිමත් ලෙස හැසිරීම කිසිදු වැරැද්දක් නො වන නමුත් මෙම සිදුවීම තම සිතේ දැඩි ව්‍යාකූලත්වයක් ඇති කළ බව යි විරාත් කෝලි පවසන්නේ.

මෙම සිදුවීමෙන් පසු විරාත් කෝලි, ඔහුගේ බිරිඳ අනුෂ්කා ශර්මා හා ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ද සිය පෞද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල සටහන් තබා ඇති අතර, ඔවුන් සඳහන් කරන්නේ, මෙය කොහෙත් ම විහිළුවක් නො වන බවත් හා මෙවැනි පෞද්ගලිකත්වය අභියෝගයට ලක් වන දෑ සිදු නො කරන ලෙසත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha