ප්‍රවීණ නිළි රැජිනක් දිවි ගමනට සමුදෙයි

B Saroja Devi Indian Actress Death Sinhala news
By Hashini Jul 14, 2025 08:22 AM GMT
Hashini

Hashini

Report

දෙමළ, තෙළිඟු සහ කන්නඩ චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රඟපෑ ජනප්‍රිය නිළි බී සරෝජා දේවි අද (14) බැංගලෝර්හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 87 හැවිරිදි වියේ පසුවුණා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රෝගාබාධ හේතුවෙන් මල්ලේශ්වරම් හි පිහිටි ඇගේ නිවසේදී මිය ගිය බවයි.

ඇය 1938 දී උපත ලැබූ අතර ඇගේ මුල් නම රාධා දේවි වනවා.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

1955 දී කන්නඩ චිත්‍රපටයක් වන 'මහකවි කාලිදාස්' හි රංගනයට පිවිසීමෙන් පසු, ඇය සුපිරි තරු MGR, NTR සහ සිවාජි ගනේසන් සමග රංගනයෙන් දායක වී තිබෙනවා.

MGR-සරෝජා දේවි තමිල්නාඩුවේ ජනප්‍රිය යුවළක් ලෙස සලකනු ලැබූ අතර, ඔවුන් එක්ව කළ චිත්‍රපට 26න් බොහොමයක් සුපිරි ජනප්‍රිය වූවා. සිවාජි ගනේෂන් සමග ඇය චිත්‍රපට 22ක රඟපා තිබෙනවා.

සරෝජා දේවිගේ අවසන් චිත්‍රපටය 2009 දී සූර්යා සමග රඟපෑ ආධවන් චිත්‍රපටයයි.

ඔක්කොම ප්‍රතිසංස්කරණ කරන්නේ ගුරුවරු 30000ක් අඩුකරන්න ද? ආණ්ඩුවට ඇප නැති කරන ස්ටාලින්

ඔක්කොම ප්‍රතිසංස්කරණ කරන්නේ ගුරුවරු 30000ක් අඩුකරන්න ද? ආණ්ඩුවට ඇප නැති කරන ස්ටාලින්

ඇයට පද්මශ්‍රී සහ පමා භූෂණ සම්මාන පිරිනමන ලද අතර, 2008 දී මධ්‍යම රජය ඇයට ජීවිත කාලය පුරාම සම්මානයක් පිරිනමා තිබෙනවා.

ඇයගේ අවසන් කටයුතු බැංගලෝර්හිදී සිදු කිරීමට නියමිතයි. 

කොමිසමට කොකා පෙන්නපු රාජිතගේ තවත් මාස්ටර් ප්ලෑනක්, අල්ලන්න කළින් ඇප

කොමිසමට කොකා පෙන්නපු රාජිතගේ තවත් මාස්ටර් ප්ලෑනක්, අල්ලන්න කළින් ඇප

ReeCha