ඩොනාල්ඩ් ට්‍රම්ප් නැවතත් ජයගනී - ආයේ ට්‍රම්ප්ගේ තීරණ සීමා කරන්න බෑ

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හා ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇත.

අල්ලස් නඩුවක් මත රාජිත සේනාරත්නව අත්අඩංගුව ගන්න සියල්ල සූදානමින්..

අල්ලස් නඩුවක් මත රාජිත සේනාරත්නව අත්අඩංගුව ගන්න සියල්ල සූදානමින්..

මෙම තීන්දුව අනුව, තනි ෆෙඩරල් විනිසුරුවකුට ජනාධිපතිවරයාගේ විධායක ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය සීමා කිරීමට නියමිතය. 6-3 යන ඡන්ද ප්‍රතිඵලය මත ලබාදුන් මෙම තීන්දුව, උපත් අයිතිය මත පදනම්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධ නඩුවකට අදාළවයි.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

මෙම තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබුණේ, රට පුරා ෆෙඩරල් විනිසුරුවන් නිකුත් කළ වාරණ නියෝග කිහිපයක්, කොංග්‍රසය විසින් අධිකරණවලට පැවරූ බලය ඉක්මවා යෑමක් බවයි.

අපි කමෙනිව මරන්න ගියේ බැරි වුණා - ඊශ්‍රායලයේ සහ ට්‍රම්ප්ගේ ඇත්ත මුණ මෙන්න

අපි කමෙනිව මරන්න ගියේ බැරි වුණා - ඊශ්‍රායලයේ සහ ට්‍රම්ප්ගේ ඇත්ත මුණ මෙන්න

එහෙත්, උපත් අයිතිය මත පදනම්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතා විසින් නිකුත් කළ විධායක නියෝගය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තවමත් පැහැදිලි තීන්දුවක් ලබාදී නොමැති බවද වාර්තා වේ.