අපි කමෙනිව මරන්න ගියේ බැරි වුණා - ඊශ්‍රායලයේ සහ ට්‍රම්ප්ගේ ඇත්ත මුණ මෙන්න

Report

ඉරානය සහ ඊශ්‍රායල් අතර පැවති දින 12ක යුද්ධයේදී, ඊශ්‍රායල් බලවේග විසින් ඉරානයේ ඉහළම නායකයෙකු වන අයතොල්ලා අලි කාමෙනිව ඝාතනය කිරීමට උත්සාහ කළ බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යයෝ ගාල්න්ට්ස් පවසයි.

ඉරානය දැඩි තීරණයක් ගනී - 700කට වැඩ වරදී

ඉරානය දැඩි තීරණයක් ගනී - 700කට වැඩ වරදී

ඊශ්‍රායල් "චැනල් 13" ට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, “අපි කාමෙනිව ඉවත් කිරීමට උත්සාහ කළෙමු. නමුත් එය සාර්ථක කිරීමට සුදුසු අවස්ථාවක් නොලැබුණි” යන්නයි. අමතරව, ඔහු පැවසුවේ කාමෙනි තම ජීවිතයට අවදානමක් පවතින බව වටහාගෙන ඉතා ගැඹුරු බිමකට පිවිසි බවය.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

එමෙන්ම, ආරම්භක ආක්‍රමණවලින් මියගිය විප්ලවකාර ආරක්ෂක බලකායේ ජෙනරාල්වරුන් වෙනුවට පත් කළ නව නායකයන් සමඟ ඇති සබඳතාද කාමෙනි විසින් විසන්ධි කළ බවද අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

කමේනිව ඝාතනය කිරීමට එක්සත් ජනපදයේ අනුමැතිය අවශ්‍ය නැති බවද ඔහු ප්‍රකාශ කළ අතර, ඊට අමතරව ඝාතන සැලැස්මට ඇමරිකාව විරුද්ධ වූ බවට පළවූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළේය.එහි අර්ථය කමෙනිව මරා දැමීමේ සැලැස්මට ඇමරිකාව එකග වී ඇති බවකි.

පාසලක පිපිරීමකින් සිසුන් 29ක් මිය යයි

පාසලක පිපිරීමකින් සිසුන් 29ක් මිය යයි

තවත් වැදගත් හෙළිදරව්වක් ලෙස, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානය නැවත න්‍යෂ්ටික වැඩසටහනක් ආරම්භ කරන බව පෙනීගියහොත් නැවතත් ආක්‍රමණයක් සිදුකිරීමට පරිසරයක් ඇති බව කී බවද ඔහු පෙන්වා දෙයි. අවසානයේදී ඔහු සඳහන් කළේ, එවැනි ආක්‍රමණයකින් පසු ඉරානය නව න්‍යෂ්ටික පර්යේෂණ යළි ආරම්භ කරන බවට විශ්වාසයක් නැති බවය.