නවක වධයට බලෙන් මත්පැන් පවා සරසවි සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනියි
මෙම අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ වව්නියා විශ්ව විද්‍යාලයෙනි.
මෙලෙස මියගොස් තිබෙන්නේ අනුරාධපුර යසසිරි ප්‍රදේශයේ පදිංචි සචිත්‍ර නිර්මාණ නමැති වයස අවුරුදු විසි තුනක් පමණ වන තරුණයෙක් බව සඳහන්.
මියගිය සිසුවා ශ්වසන රෝගී තත්ත්වයකින් පෙළුණු අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති අතර, සිද්ධිය වූ දිනයේ (31) ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවට ප්‍රබල චෝදනා එල්ල වී තිබේ.
"වාත කිරීම" යනුවෙන් හඳුන්වන ක්‍රියාවලිය යටතේ, නවක සිසුන් පිරිසක් පසුගිය 31 වන දා දහවල් 1.00 සිට රාත්‍රී 7.00 දක්වා ගිනියම් අව්වේ පිට්ටනියක රඳවා තබා ගනිමින් නවක වදයට ලක් කර ඇති බව පැවසේ.
මෙම සාදය අවස්ථාවේදී මත්පැන් පානය කිරීමට අවසරයක් නොතිබුණ ද, ඇතැම් සිසුන් පානයට අකමැත්ත ප්‍රකාශ කර තිබියදීත්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මත්පැන් හා ගංජා රැගෙන විත් ඔවුන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කිරීමට සලස්වා ඇති බවට සෙසු සිසුහු චෝදනා කරති.
"ඒක වෙල්කම් එකේ හැටි. ලෙඩ ගැන බල බල ඉන්නේ නැහැ, වැටෙනකම්ම පොවනවා. බොන්න කැමති අකමැති අය තෝරන්නෙත් නෑ, නැගිටගන්න බැරි වෙනකම්ම බලෙන් පොවනවා, සක්කිලි වගේ "
යැයි එක් සිසුවෙකු අපට සිදුවීම පිළිබඳ පැහැදිළි කරමින් පැවසීය. මෙම නවක වද සිදුවීම සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
මේ වනවිට මිය ගිය සිසුවාගේ දේහය වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.