මහින්ද, රනිල් පාතාල නායකයන්.. 'ගෝඩ් ෆාදර්'.. - ඇමති බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, දකුණු පළාතේ පාතාල කණ්ඩායම් රාජපක්ෂ, වික්‍රමසිංහ සහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ගේ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක වූ බවයි.
උතුරු පළාතේ යුද්ධය හේතුවෙන් එහි පාතාල ක්‍රියාකාරකම් සඳහා අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පෙන්වා දුන්නේය. අමාත්‍යවරයාට අනුව, පාතාල කණ්ඩායම් අතර ගැටුම් ඇති වුවද, ඒවා එතරම් උත්සන්න වී නොතිබුණි.
ඒ සඳහා හේතුව ලෙස ඔහු දක්වන්නේ, එම කණ්ඩායම් පාලනය කිරීම සඳහා එක් ‘ගෝඩ් ෆාදර්’ කෙනෙක් සිටීමයි. එමෙන්ම, ඒ ඒ ආණ්ඩුවල ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී සිටි බව ඔහු ප්‍රකාශ කළේය.
පාතාල කල්ලි අතර ගැටුම් ඇති වූ විට, අදාළ දේශපාලන නායකයන් හෝ ඔවුන්ගේ සම්බන්ධීකාරකවරුන් මැදිහත් වී එම ගැටලු නිරාකරණය කරගෙන ඇත.
තවද, පාතාල කණ්ඩායම් අතර ප්‍රදේශ බෙදා හදාගැනීමක් සිදු වී ඇති බැවින්, කල්ලි අතර ගැටුම් අවම වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.