බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

Report

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය සදහන් කර තිබේ.

සිය පක්ෂය ඒකමතිකව ගත් තීරණයකට අනුව විශ්වාසභංග යෝජනාව ගෙනඑන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සදහන් කරයි.

සීමිත ගුවන්ගමන් වාර සදහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

සීමිත ගුවන්ගමන් වාර සදහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

  "දැනටමත් අල්ලස් කොමිසම විසින් ඇමතිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස කළමනාකරණය කිරීමට අපොහොසත්වීම යන කරුණු 2ක මත ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනඒමට පියවර ගන්නවා."

"සමගි ජන බලවේගය සමග විපක්ෂයේ කටයුතු කරන අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් සමගත් සාකච්ඡා කරලා වඩා පුළුල් සහයෝගයක් ලබාගන්න අපි කටයුතු කරනවා."

"ඒ වගේම රජය තුළින් තනි මතයට ස්වාධීනව ඡන්දය භාවිත කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා අපිට සහයෝගය දෙන්න." යනුවෙන් ඔහු තවදුරටත් සදහන් කර තිබේ.

ලංකාව මානුශීය රටක් බවට ආයෙ ආයෙමත් ඔප්පු කරමින් - යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවේ සිරවී සිටින සංචාරකයින්ට සත්කාර

ලංකාව මානුශීය රටක් බවට ආයෙ ආයෙමත් ඔප්පු කරමින් - යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවේ සිරවී සිටින සංචාරකයින්ට සත්කාර