ඇවිලෙන යුධ ගිනි මැද රුසියානු ජනපතිගෙන් ඉරාන ජනපතිට හදිසියේ දුරකථන ඇමතුමක් - කතා කළ හේතුව මෙන්න

Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථන සංවාදයක නිරත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුසියානු ජනපතිවරයා මෙසේ කතා කර ඇත්තේ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් මියයාම සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් බව සඳහන්.

එම සංවාදයේදී මෙම ගැටුම් වහාම අවසන් විය යුතු බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවිය යුතු බවටත් පුටින් සිය ස්ථාවරය අවධාරණය කර ඇත.

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

කෙසේ වෙතත් එහිදී රුසියාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් පෙසෙෂ්කියන් සිය කෘතඥතාව පළ කර තිබෙන අතර, ඉරානයේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය සහ රුසියාව යන දෙරටම අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගැනීමට මෙහිදී එකඟ වී ඇති බවයි.

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානෙන් විදේශ ඇමතිගෙන් මෙරට විදේශ ඇමති විජිතට Thank You Call එකක්

ඉරානෙන් විදේශ ඇමතිගෙන් මෙරට විදේශ ඇමති විජිතට Thank You Call එකක්