'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට චිනයත් සිරුවෙන්
ටයිෆූන් බාවි බ්‍රහස්පතින්දා තායිවානයේ ගිනිකොන දෙසින් පැසිෆික් සාගරයේ ගමන් කරමින් තිබූ අතර, එහි සුළං වේගය පැයට කිලෝමීටර් 200කට ආසන්න මට්ටමක පැවති බව වාර්තා වේ.
තායිවාන සහ චීන බලධාරීන් ජනතාවට අවශ්‍ය සැපයුම් සූදානම් කරගන්නා ලෙසත්, දැඩි කාලගුණ තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වන ලෙසත් දැනුම් දී තිබේ.
චීනයේ ජාතික කාලගුණ මධ්‍යස්ථානයට අනුව, බාවි ටයිෆූනය උතුරු තායිවානය ආසන්නයෙන් ගමන් කර පසුව චීනයේ නැගෙනහිර ෆුජියන් පළාතට සෙනසුරාදා සවස ගොඩබැසීමට නියමිතය.
තායිවානයේ මධ්‍යම කාලගුණ පරිපාලනයේ අනාවැකිකරු ජේසන් චැං සඳහන් කළේ, බාවි 1987 වසරෙන් පසු තායිවානයට බලපාන විශාලත්වයෙන් වැඩිම කුණාටුව විය හැකි බවයි. බාවිගේ ප්‍රබලත්වය පවතින්නේ නම්, 2024 වසරේ ඇති වූ සුපිරි ටයිෆූන් කොන්ග්-රේ සිට ආසියා-පැසිෆික් කලාපයේ ඇති වන ප්‍රබලම ටයිෆූනය විය හැකි බව කාලගුණ සේවා ආයතන සඳහන් කරයි.
තායිවානයේ උතුරු නැගෙනහිර සුආඕ වරායේ ධීවර යාත්‍රා සිය ගණනක් ආරක්ෂාව සඳහා වරායට රැස් කර තිබේ.
ජනතාව වැලි මලු ලබාගැනීමට පෝලිම්වල සිටින අතර, ගොවීන් කාලගුණ තත්ත්වය යහපත්ව තිබියදී අස්වනු නෙළීමට කටයුතු කර ඇත.
ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයේ ජනතාවටද තද සුළං, නායයෑම්, ගංවතුර සහ මුහුදු රළ ඉහළ යාමේ අවදානම පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජපාන ගුවන් සේවය සිකුරාදා නියමිත දේශීය ගුවන් ගමන් 48ක් අවලංගු කර ඇති අතර, එමගින් මගීන් 7,610කට පමණ බලපෑම් එල්ල වන බව සඳහන් කර ඇත.